හදිසියේ රෝගී වී මියගිය පළතුරු වෙළෙන්දාට කොවිඩ්

පිළියන්දල, මිරිස්වත්ත බෙල්ලන්ගහවත්ත ප්‍රදේශයේ අවුරුදු 49ක පුද්ගලයෙකු (05) අලුයම ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල වෙළෙඳ සංකීර්ණයේ පළතුරු වෙළෙඳාමේ නිතර වූ පුද්ගලයෙකි.

පසුව රෝහලේදී ඔහුව PCR පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කළාය.



අපගේ නවතම වීඩියෝ පුවත්