සෞදියේදී හිංසනවලට ලක්වූ කාන්තාවක් යළි මව් රටට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ J- 9553 දරන ගුවන් යානයෙනුයි අද අලුයම 04.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඇය මතුගම, නෑබඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවක්.

ගුවන් තොටුපොළේදී එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම කාන්තාව,

මම සැප්තැම්බර් 17 වනදා සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම ඒවා පෑගිල මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා. මට අමාරුයි වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉඳල , ඒ ගෙදර කාන්තාව මට ගහල කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ. මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර ගෑණි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිර වුණා. මට හුස්ම ගන්න බැරි වුණා. මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා.”

මෙම කාන්තාව නිවෙසට රැගෙන යාම සදහා ඇයගේ සැමියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා. ඔහු වෘත්තියෙන් පොල් කඩන්නෙක් වශයෙන් කටයුතු කරන බව සඳහන්.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අපේ ගෙදර ළඟ ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක්. මම එයාට ගිහින් කිව්වා මේ ගැන. එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36