දේශගුණික අවදානම් තක්සේරු කිරීම, ආපදා සඳහා පූර්ව සූදානම සහ රෝග නිරීක්ෂණය ඇතුළු මහජන සෞඛ්ය සේවා වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෘත්රිම බුද්ධිය (AI) ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්ය පද්ධතියට ඒකාබද්ධ කරගැනීම අත්යවශ්ය බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසනවා.
තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්රණ මධ්යස්ථානයේදී (UNCC) අද (28) ආරම්භ වූ පස්වන ආසියා-පැසිෆික් අමාත්ය මණ්ඩල සමුළුව (MC-5) අමතමින් අමාත්යවරයා මේ බව අවධාරණය කළා.
එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපීය ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) සහ තායිලන්ත රජය එක්ව සංවිධානය කර ඇති මෙම සමුළුවේ උප සභාපතිවරයකු ලෙස ද අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස තේරී පත්ව තිබෙනවා.
සමුළුව අමතමින් අමාත්යවරයා පෙන්වා දුන්නේ, ගෝලීය තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමේ ප්රගතිය අපේක්ෂිත මට්ටමට වඩා සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ කෘත්රිම බුද්ධිය ඇතුළු නවීන ඩිජිටල් තාක්ෂණයන් සෞඛ්ය පද්ධති සමඟ ඒකාබද්ධ කිරීමෙන් දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන සෞඛ්ය අවදානම් කළමනාකරණය කිරීමටත්, මහජන සෞඛ්ය සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් නව අවස්ථා උදා වී ඇති බව ඔහු සඳහන් කළා.
විශේෂයෙන්ම රෝග නිරීක්ෂණය, දේශගුණය ආශ්රිත සෞඛ්ය අවදානම් තක්සේරු කිරීම, ආපදා පූර්ව සූදානම සහ සෞඛ්ය සේවාවන් වෙත ජනතාවට ඇති ප්රවේශය පුළුල් කිරීම සඳහා මෙම තාක්ෂණයන් ඵලදායී ලෙස යොදාගත හැකි බව ද අමාත්යවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, නවීන තාක්ෂණයන්හි ප්රතිලාභ සම්පත් හා තාක්ෂණික ධාරිතා සීමාවන්ට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලට ද ලබාදීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ඒ සඳහා තාක්ෂණික හා මෙහෙයුම් දැනුම හුවමාරු කරගැනීම, ජාතික අවශ්යතාවලට ගැළපෙන පරිදි තාක්ෂණයන් සකස් කරගැනීම සහ මානව හා තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීම වෙනුවෙන් කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද අමාත්යවරයා සඳහන් කළා.
මෙම සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ, රාජ්ය සේවා කොමිෂන් සභාවේ සාමාජික ඉංජිනේරු (ආචාර්ය) සනත් පනාවැන්න සහ තායිලන්තයේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
