සුනිල් සෙනෙවිට පලස්තීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපතිකම

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා –
පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් වුණා.

දසවැනි පාර්ලිමේන්තුව සඳහා සංගමය පිහිටුවීමේ රැස්වීම මැයි 09 වැනි දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් අයි.එම්. කලීල් මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වුණා.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කරන්නේ.

රැස්වීමේදී, ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා තේරී පත් වුණා.

මෙහිදී ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය දෙපාර්ශ්වයම නැවත තහවුරු කළ අතර පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම්
සඳහා ශ්‍රී ලංකාවේ දිගුකාලීන සහයෝගය මෙම හමුවේදී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවේ ජනතාව වසර ගණනාවක් පුරා පලස්තීන ජනතාව සමඟ නිරන්තරයෙන් සහයෝගීතාවය ප්‍රකාශ කර ඇති බව ද මෙහිදී සාකච්ඡා වුණා.

2015 වසරේදී ප්‍රථම වරට පිහිටුවන ලද ශ්‍රී ලංකා – පලස්තීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය, දෙරට පාර්ලිමේන්තු අතර සාකච්ඡා සහ සහයෝගීතාව
වර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව සඳහන් කළා.

මෙම සංගමය නැවත පිහිටුවීම පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ සංස්කෘතිය සහ
අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවල සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වැදගත් වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00