spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිවිල් සංවිධාන නියෝජිතයින් සහ මානව හිමිකම් කොමිෂන් සභාව අතර විශේෂ සාකච්ඡාවක්

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සිවිල් අවකාශය, මානව හිමිකම් ආරක්ෂකයින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම ආදී සිවිල් සමාජීය ක්‍රියාකාරීන්ට උද්ගත වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පසුගියදා පවත්වා ඇත්තේ මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සමගයි.

මීට අමතර ව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පසුබිම ආරක්ෂා කරගැනීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් ඒවා ඉටු කිරීමටත් අවධානය යොමු කරමින්, ඒ සඳහා කොමිෂන් සභාව විසින් ගනු ලැබිය යුතු පියවර සම්බන්ධයෙන් ද සිවිල් සංවිධාන නියෝජිතයින්ගෙන් අදහස් සහ යෝජනා විමසා තිබෙනවා.

ප්‍රවාහන අංශයේ ආබාධ සහිත පුද්ගලයන් මුහුණදෙන අයිතිවාසිකම් සහ අභියෝග සම්බන්ධයෙන් ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු බවයි මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ කොමසාරිස්වරුන් වන මහාචාර්ය තයියමුතු තනරාජ්, මහාචාර්ය ෆර්සානා හනිෆා ඇතුළු පිරිසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?