සිරියා කැරළිකරුවෝ අගනුවර බලය අල්ලයි – බෂාර් අල්-අසාද් ජනපති රටින් පනී

සිරියාවේ ඩමස්කස් අගනුවර බලය අල්ලා ගැනීමට හැකි වූ බව සිරියාවේ විපක්ෂ කැරළිකරුවන් පවසනවා.

මේ වන විටත් ජනාධිපති බෂාර් අල්-අසාද් රටින් පලා ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ඔහු පළාගියේ කොහෙටද යන්න තවමත් අනාවරණය වී නැහැ.

හයාත් ටරිර් අල්-ෂාම් හි අණදෙන නිලධාරී අබු මොහොමඩ් අල්-ජුලානි පවසන්නේ, සියලුම රාජ්‍ය ආයතන නිල වශයෙන් භාරදෙන තුරු අල්-අසාද්ගේ අගමැතිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවතිනු ඇති බවයි.

මේ අතර අල්-අසාද්ගේ ආණ්ඩුව බිඳ දැමීම පිළිබඳව සිරියාවේ දස දහස් සංඛ්‍යාත ජනතාව මහා මාර්ගවලට රැස් වී ප්‍රීතිවන අයුරු දැකගත හැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කැරළිකරුවන් ඩමස්කස් අගනුවර බලය අල්ලා ගැනීමෙන් පසු, පළිගැනීම්වලින් තොර “නව යුගයක්” ප්‍රකාශ කර ඇති අතර, එතෙර සිටින සිරියානුවන්ට ආපසු මව්බිමට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00