සිඩ්නි වෙඩි තැබූ පාකිස්ථාන තරුණයා ගැන වසර 06කට පෙර බුද්ධි විමර්ශනයක්

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩායි වෙරළ තීරයේ යුදෙව් ආගමික උත්සවයක් ඉලක්ක කර ගෙන වෙඩි ප්‍රහාරය එල්ල කළ තුවක්කුකරුවන් දෙදෙනා පකිස්ථාන ජාතිකයන් වන පියෙකු සහ පුතෙකු බව ඕස්ට්‍රේලියානු බලධාරීන් හඳුනාගෙන තිබෙනවා.

වයස අවුරුදු 50 ක් වන සජිඩ් අක්‍රම් එම ස්ථානයේදීම මිය ගියා.

ඔහුගේ පුත් 24 හැවිරිදි නවීඩ් අක්‍රම් වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් රෝහල් ගත කර සිටිනවා.

සජීඩ් අක්‍රම් 1998 දී ශිෂ්‍ය වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණි පාකිස්තාන ජාතිකයෙක් වන අතර ඔහුගේ පුතා, නවීඩ් ඔස්ට්‍රේලියාවේ දී උපත ලබා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ඒබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ සිඩ්නි කේන්ද්‍ර කරගත් අයි එස් ජාලය සමඟ ඔහුගේ සබඳතා හේතුවෙන් රටේ බුද්ධි සේවය නවීඩ් අක්‍රම් ගැන වසර හයකට පෙර විමර්ශනය කළ බවයි.

කෙසේ වෙතත්, ඔහු ක්ෂණිකව තර්ජනයක් සිදුකල හැකි පුද්ගලයෙකු ලෙස ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ මේ වනතෙක් හඳුනාගෙන සිට නැහැ.

දෙදෙනාම ත්‍රස්තවාදී කණ්ඩායමට පක්ෂපාතීත්වය ප්‍රකාශ කර ඇතැයි විමර්ශකයින් විශ්වාස කරන බව ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වුණා.

ඔවුන්ගේ මෝටර් රථයේ තිබී ඉස්ලාමීය රාජ්‍ය ධජයක් සහ පුපුරණ ද්‍රව්‍ය ද සොයා ගනු ලැබුවා.

පියා සහ පුතා පවුලේ සාමාජිකයින්ට පවසා ඇත්තේ ඔවුන් ධීවර ගමනක් යන බවයි.

සජිඩ් අක්‍රම්ට ගිනි අවි බලපත්‍රයක හිමිකරුවෙක් වන අතර ඔහු සතු ගිනි අවි 6ක් වෙඩි තැබූ ස්ථානයේ සහ නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය පැවසුවා.

මෙම වෙඩි තැබීමෙන් මිය ගිය ගණන 16ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මිය ගිය පිරිස අතර දස හැවිරිදි දැරියක ද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
19
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?