spot_imgspot_img

සැම්සන් ගෙදර යවා රාහුල් ඇතුළට ගනී

ආසියානු කුසලාන එක්දින තරගාවලියට එක්ව සිටින ඉන්දීය සංචිතයේ රැඳී සිටි සංජු සැම්සන් යළි ඉන්දියාව බලා පිටත්කර යැවීමට කටයුතු කර තිබෙනවා.

තරගාවලියේ සුපිරි හතර අදියරට පෙර ලෝකේශ් රාහුල් ඉන්දීය සංචිතයට එක්වීමෙන් පසුව ඉන්දීය කණ්ඩායම් කළමණාකාරීත්වය මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ආබාධ තත්ත්වයෙන් සිටි රාහුල් සුවය ලබා මේ වනවිට නියමිත යෝග්‍යතා මට්ටමට පැමිණ ඇති බවට බැංගලෝර්හි ජාතික ක්‍රිකට් ඇකඩමියෙන් කොළ සංඥාවක් ලැබීමෙන් පසු ඔහු ඉන්දීය සංචිතය සමඟ එක් වුණා.

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට රාහුල් නම්කර තිබීම හේතුවෙන් ඔහුව මෙලෙස කුසලාන සංචිතයට කැඳවීමට කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් සංජු සැම්සන් ඉන්දීය ලෝක කුසලාන සංචිතයට නම්කර නැහැ.

මේ අතර දිගු කාලීන ආබාධය සුව වීමෙන් පසු ඉන්දිය කණ්ඩායම සමඟ රාහුල්, ඔහුගේ පළමු පුහුණු සැසිය සඳහා කොළඹ දී පසුගිය බ්‍රහස්පතින්දා එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?