Fly high Get bonus Aviator Phone

සාමාන්‍ය පෙළ විභාග අක්‍රමිකතා ගැන පරීක්ෂණයක්

ඊයේ (09) පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් හරහා සංසරණය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ විභාගය අතරතුර ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් හරහා සංසරණය වූ බවයි.

විභාග අපේක්ෂකයින් විසින් ජංගම දුරකථන සූක්ෂම ලෙස භාවිත කරමින් ඊයේ (09) දිනයේ ලබාදුන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය ජායාරූප ගත කර වෙනත් පාර්ශ්ව වෙත එය යොමුකර පිළිතුරු ලබාගැනීමට උත්සාහ කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම අවස්ථාවේ විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් විසින් එම ජංගම දුරකථන සිය භාරයට ගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

කෙසේ වෙතත්, මෙය ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් නොවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ සිදුවූ බව කියන දෝෂයක් සම්බන්ධයෙන් ද දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?