Empty Ad
AFC Banner
AFC Banner

සාමාන්‍ය පෙළ පවත්වන ශ්‍රේණියේ වෙනසක්

10 ශ්‍රේණියේ දී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එම වසරක කාලය ආපස්සට ගෙන යළිත් ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම මෙම කාර්යය එක වර කළ නොහැකි අතර 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන ලෙස ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෙෂ්ඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ සිදු කිරීමට අපේක්ෂිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙටි කලක් තුළ අධික වේගයකින් දැනුම දෙගුණ වන දැනුම් සමාජයක අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කර නව අධ්‍යාපන පරිවර්තනීය වෙනසක් ඔස්සේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු තමන් ගමන් කළ යුතු අනාගත දිශානතිය තෝරාගැනීමේ ස්වාධීනත්වය දරු පරපුරට උරුම කර දීමේ පදනම සකස් කළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
2
+1
13
+1
4
+1
7
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටු මන්ත්‍රී පැත්ත මාරු කරයි - ජනාධිපතිට අත් දෙකම උත්සලා සහය දෙන්න ලෑස්තියි
Video thumbnail
හතුරෙක්වත් මෙහෙම අසරණ වෙන්න එපා
02:55
Video thumbnail
කුරුඳු ගොවීන්ට සුබ පණිවුඩයක් - ඔයාලාගේ කුරුඳු චීනයට යවන්නත් වරම්
03:05
Video thumbnail
සිතට දැනෙන දේම කරන්න එපා - නුවනින් විමසා බලන්න
01:11
Video thumbnail
වලියක් වලියක් මාලිමාවයි - පොහොට්ටුවයි ලොකු වලියක්
16:37
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම දේවානන්ද සුරවීර සහ පොජපෙ නීතීඥ මනෝජ් ගමගේ සහභාගීවන කස්තිරම
01:35:58
Video thumbnail
මහින්දගේ ආරක්ෂාව අඩු කළා කියලා බඩු මිල අඩු වුණාද ?
04:01
Video thumbnail
ජනපති අනුර හෙලිකොප්ටරෙන් අම්මව බලන්න ගියාට චන්දිමට තදවෙයි
11:03
Video thumbnail
හාල් ගැන අලුත්ම කතාව සබාපති කියපු හැටි
11:25
Video thumbnail
මිනිස්සුන්ට පාඩමක් උගන්නපු ගින්න - කලබල වූ මිනිස්සු හතර වටේ දුවයි
10:53

?