සහල් වැඩි මිලට විකුණන ස්ථාන සොයා මෙම වසරේදීත් පුළුල් වැටලීම්

සහල් වැඩි මිලට විකුණන ස්ථාන සොයා මෙම වසරේදීත් පුළුල් වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2278/02 දරණ ගැසට් නිවේදනයට පරිභාහිරව යමින් සහල් අලෙවි කරනු ලබන පුද්ගලයින් සහ ස්ථාන සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

රජයේ නිවාඩු දිනවල දී මෙන්ම සති අන්තයේ දිනවල ද මෙම වැටලීම් සිදුකරන බව සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහල් වැඩි මිලට අලෙවි කරන පුද්ගලයින් සහ ස්ථාන සම්බන්ධයෙන් 1977 දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

රජය විසින් කිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සහල් කිලෝග්‍රෑමයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් වන්නේ, කීරි සම්බා රුපියල් 260ක්, සම්බා රුපියල් 230ක්, නාඩු රුපියල් 220ක්, රතු කැකුළු රුපියල් 210ක් ලෙසටයි.

මේ අතර පසුගිය වර්ෂයේ දී දිවයින පුරා සිදුකළ වැටලීම් 24000කින් 22000කට නඩු පවරා රුපියල් මිලියන 270කට අධික දඩ මුදලක් අධිකරණය විසින් පනවා ඇති බව අද (05) පැවති මාධ්‍ය හමුවක දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක සංජය ඉරසිංහ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35