සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් වීම ගැන පොලිස් පරීක්ෂණ

කළුතර ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ අධිකරණය වෛද්‍ය නිලධාරීවරයාගේ බිරිඳ විසින් කළ පැමිණිල්ලක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

වෛද්‍යවරයා පැමිණි බව කියන මෝටර් රථය ඊයේ (14) රාත්‍රි කළුතර පාළම ආසන්නයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.