ස්ථිර නිවසක් නොමැති, සිය දරුවන් සම්බුද්ධ ශාසනයට පූජා කළ මව්පියන් වෙනුවෙන් ක්‍රියාත්මක “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන හෙට (19) දිනයේ ආරම්භ වනවා.
එහි එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 15 ක මුදලක් වෙන් කෙරෙනවා.
නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍යාංශය සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ සමාරම්භය බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදු කිරීමට නියමිතයි.













