සලේගේ බිරිඳගේ ආයාචනයට සුදුසු සහනයක් දෙන්න – අස්ගිරි නාහිමියන් ජනපතිට ලියයි

විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පිළිබඳව ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ විසින් ඉදිරිපත් කළ ආයාචනය පිළිබඳව අවධානය යොමුකර සුදුසු සහනයක් ඉටු කරදෙන ලෙස ඉල්ලමින් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන්, ජනපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් මගින් දන්වා තිබෙනවා.

පසුගිය (08) වනදා සුරේෂ් සලේගේ බිරිඳ අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ හමුවී ආයාචනයක් ඉදිරිපත් කරමින් ඇගේ ස්වාමියා හට සහනයක් ලබා දීමට සහාය වන ලෙස ඉල්ලීමක් කළ බව එම ලිපියේ දක්වා තිබෙනවා.

ඒ, අනුව ඇයගේ ආයාචනය සඳහන් ලිපියේ පිටපතක් ද සිය ලිපිය සමඟ ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා වෙත මහ නා හිමියන් යොමුකළ ලිපියේ සඳහන්.

එම ආයාචනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කොට සුදුසු සහනදායී කටයුත්තක් ඉටු කර දෙන ලෙසයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30