සරසවි සිසුවිය නැසූ සරසවි සිසුවා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර විශ්වවිද්‍යාල සිසුවා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් සැකකාර සිසුවා අද (30) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමක් සිදු වුයේ නැහැ.

එයට කරුණු දක්වමින් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේ සැකකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික ප්‍රතිකාර අංශයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

අදාළ සරසවි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ දී පැවති වුණා.

එහිදී ඇයගේ සිසුවියගේ පියා සාක්ෂි ලබාදීම සිදුකරණු ලැබුවා.

පසුගිය 17 වනදා කොළඹ තුරඟ තරඟ පිටියේ දී තියුණු ආයුධයකින් ගෙල කපා මෙම 24 හැවිරිදි සිසුවිය ඝාතනය කර තිබිය දී සොයා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
5
මාර දුකයි !
9
මලපනිනව !
8
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?