සම්බාහන මුවාවෙන් කාන්තාවන් විකුණලා මාට්ටු

පානදුර, කෙසෙල්වත්ත ප්‍රෙද්ශයේ ආයුර්වේද සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

අත්අඩංගුවට පත්වූවන් අතර ආයතනයේ හිමිකරු , වෛද්‍යවරයා බව කියන පුද්ගලයකු සහ ගණිකා වෘත්තීයේ නියැලීමට සූදානමින් සිටි කතුන් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.

කතුන් දෙදෙනා අගලවත්ත සහ බණ්ඩාරගම ප්‍රෙද්ශයේ පදිංචි අයවලුන් බවත් , ඔවුන්ගේ අත් බෑගයන් පරීක්ෂා කිරීමේදී උපත් පාලන කොපු විස්සකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බවත් පොලිසිය කීය.

සති දෙකකට පමණ පෙර මධ්යතස්ථානය ආරම්භ කර ඇති අතර , ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාට ලද ක්ෂණික තොරතුරක් මත වැටලීම කර ඇති බව පොලිසිය කීය.

උපාය දූතයෙකු යොදා පැයකට රුපියල් දෙදහසක මුදලකට කාන්තාවක මිළදී ගෙන ඇති අතර , තොරතුර ලබාදිමත් සමග අවට රැකසිටී නිළධාරීන් වැටලීම කර ඇති බවත් පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්රාකත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?