සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්වුණා.

ඉන්ධන මිල පිළිබඳත් රටේ ආර්ථිකය, දේශපාලන තත්ත්වයත්, නව පනත් ගැන රැස්වීමට පැමිණි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

එහිදී අදහස් දැක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන්, ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි කියලා ආවට, අද ගොවියා අනාථවෙලා ගොවියට කරගන්න විදිහක් නැහැ. ඔවුන්ගේ ගැටළුවලට කිසිම විසඳුමක් රජය විසින් ලබාදෙන්නේ නැහැ.

ආණ්ඩුව බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. ඉන්ධන මිල අඩු කරනවා කියලා බලයට පත්වෙච්ච ජනාධිපතිතුමා, දැන් සැරින් සැරේ එය වැඩිකරනවා.

අවුරුදු දෙකක් යනකොට ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා තියෙන බවටත් ස‍ඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් අදහස් දැක්වීමේදී,

ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මොකක්ද කියලා තේරුම් ගන්න බැහැ. ත්‍රස්තවාදී පනත එක ගැන කතා කරන්න වෙනවා, ආණ්ඩුව ගත්තේ මේ ජනවාරම ගත්තේ මේවා කරන්න නෙමෙයි.

ආණ්ඩුව කිව්වේ මේ මර්දන පනස් සේරම අයින් කරනවා කියලා.ඒ්ත් දැන් ඒ් අයම භයානක අනපනත් නීති රීති ගේන්න හදනබවටත් චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අදහස් දැක්වීමේදී, 

මේ ආණ්ඩුව ලොකුවට කයිවාරු ගහලා වැඩක් නැහැ. QR එකක් දාගෙන අවශ්‍ය අයට ඉන්ධන සහනාධාරයක් දෙන්න අවශ්‍ය බවට අවධාරණය කරනවා.

අද ඉඳලා ටින් එක පාවිච්චි කරන්න වෙනවා.ඒ අතරම බදු ඩබල් කරා , කවුද මේ දේවල් කලේ කියලා තමන් නොදන්නා බව ප්‍රකාශ කරනවා.

බලාපොරොත්තු වුණාට වැඩිය මේගොල්ලෝ බදු එකතු කරගත්තා. මුලින්ම වාහන වලින් බදු අය කරගත්තා.සල්ලි වෙන් කරලා තිබ්බට තාම සෝල එක ගහගන්න බැරිවෙලා තියෙන බවත් පෙන්වා ඔහු ප්‍රකාශ කරයි..

වියදම් කරන්න බැරි නිසා ඉතිරියක් තියෙනවා. ඒත් බදු ගහලා සල්ලි එකතු කරගෙන තියෙන්නේ වැඩක් කරන්න බැංකුවේ තියලා වැඩක් නැති බවටත් ඔහු පෙන්වා දෙනවා.

එමෙන්ම ගෑස් වලට මොකද වෙලා තියෙන්නෙ? යනුවෙන් ප්‍රශ්ණ කරන ඔහු, දැන් තමන්ටත් ගෑස් නැති බව කියනවා.

ඒ වගේම මේ වෙලාවට ආණ්ඩුව විපක්ෂයේ හිටියනම් කොහොම කෑගහනවා ඇත්ද යනුවෙනුත් ප්‍රශ්ණ කරනවා.

එහිදී අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජනාධිපතිවරයා මෑතකදී විද්වතුන් එකතු කරගෙන එක එක වල්පල් කතාකල බවට චෝදනා කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා අදහස් දක්වමින්, ආර්ථිකය මිනිසුන්ට දරා ගන්න බැරි බවටත්, මේ සති දෙකට හැම භාණ්ඩයක්ම මිල ඉහල ගිය බවටත් පෙන්වා දෙනවා.