AFC Banner
AFC Banner
Empty Ad

සජිත්ගේ රැළියක ගුටි කෙලියක්

විපක්ෂ නායක සජිත් පේමදාස මහතා සහභාගී වීමට නියමිතව තිබූ ජන රැලියක ඇතිවූ ගුටි බැට හුවමාරුවක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට පත්විය. 23 දා පෙරවරු 10.00ට මාතර ඌරුබොක්ක නගරයේ විරෝධතා පා ගමනක් සහ ජන රැලියක් සංවිධානය කර තිබුනේ සමගි ජන බල වේගය විසිනි.

විරෝධතා පාගමන සහ විපක්ෂ නායක වරයා පැමිනෙන වේලාව 10 ට බව සංවිධායකයින් ප්‍රකාශ කලද විපක්ෂ නායක වරයාට ඒ වන විටත් මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක විවිධ රැස්වීම් සංවිධානය කර තිබිණි. ඒ අනුව  පෙරවරු 10 සිට පාක්ෂිකයන් බලා සිටි අතර සවස 1.30 වනන විටත් විපක්ෂ නායක වරයා පැමිණියේ නැත. එබැවින් සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් විටින් විට ගොස් පදමට වෙරිවී එන ආකාරයක් අපට දක්නට විය. එම පිරිස ඌරුබොක්ක බන්නැවතුම්පල කෙළවරක තැනූ වේදිකාව ඉදිරිපිට ගීත ගායනා කරමින් නටන අයුරු දක්නට හැකි විට. දහවල් වන විට එකවරම ජනතාව අතර ගුටි බැට හුවමාරුවක් වන ආකාරය අප කැමරාවේ සටහන් විය. පුද්ගලයින් කිහිප දෙනෙකුට පන්න පන්නා පහදෙන ආකාරයක් දක්නට විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඌරුබොක්ක පොලීසිය ස්ථානාධිපති වරයා තම නිළධාරීන්ට උපදෙස් දුන්නේ මේ තත්වය සමතයකට පත් කරන ලෙසයි. ඒ අනුව ස්ථානාධිපතිවරයා හා නිළධාරීන් වහා මැදිහත් වුවද මුලින්ම මේ තත්වය සමතයකට පත් කිරීමට නොහැකි විය.

පොලීසිය මගින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන රැගෙන යන ලදී . මෙය විඩියෝ ගත කිරීමට එම ස්ථානයේ සිටි මාධ්‍යවේදී පැමිණි අවස්තාවේදී මාධ්‍යවේදීන්ගේ කැමරාව උදුරා ගැනීම සදහා පුද්ගලයෙකු කටයුතු කරන ආකාරයට අප කැමරාවේ සටහන් විය. එම මාධ්‍යවේදී මහතාට  පොලීසිය මගින් ගැටුමට සම්බන්ධ පුද්ගලයන් රැගෙන යන දර්ශණ ලබා ගැනීමට අවහිර කරන ලදී. ඉන් අනුතරුව ඒ ස්ථානයට සියලු මාධ්‍යවේදීන් පැමිනීමත් සමග අවහිර කල පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත් විය. පසුව  සවස දෙකට පමණ විපක්ෂ නායක වරයා පැමිනීමත් සමග විරෝධතා පෙළපාලිය සහ රැලිය ආරම්බ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?