රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කරුවකු හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අපරාධ රැසකට යොදාගත් බවට සැක කරන ජර්මනියේ නිෂ්පාදිත නයින් එම් එම් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කියයි
එම ගිනි අවිය සමග මැගසිනය සන්තකයේ තබාගෙන සිටි අපරාධ කරුගේ ගෝලයෙක්ද අත්අඩංගුවට ගත් බව එම ඒකකය කියයි
අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන මෙම ගිනි අවිය යොදාගෙන සිදු කළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.




