ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඉදිරියට

නව අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට කළා.ඒ අනුව එහි පිතිකරණ අංශයෙන් 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා.
මීට පෙර දිමුත් රැදී සිටියේ ශ්‍රේණිගත කිරීම්හි 11 වන ස්ථානයේය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් දිමුත් මෙලෙස ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

දිමුත්ට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 772ක්.ශ්‍රේණිගත ලකුණු 903කට හිමිකම් කියන එංගලන්තයේ ජෝ රූට් තවදුරටත් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, නවසීලන්තයේ කේන් විලියම්සන් තෙවැනි ස්ථානය දක්වා ස්ථානයකින් පසු බැස තිබෙනවා.

නවසීලන්තයේ ටොම් ලේතම් 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 5කින්.එමෙන්ම පාකිස්තානයේ ශහීන් අෆ්රිඩි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.නවසීලන්තයේ ක්යිල් ජමීසන් එහි 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා මගඩිය පිටුපස ඉන්න මහ මොළකරු අනුර කුමාරද ? - අනුර නැත්තම් මේවා කෑවද ?
01:35
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ සී.බී - ඇතුළට දාලා ඔයිට වැඩිය දේවල් කළා
01:47
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22