AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා ලකුණු පුවරුව හොඳ තැනක නවතී

සත්කාරක නවසීලන්තය සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී කාසිය වාසිය දිනා පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 290ක් රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ ජනිත් ලියනගේ අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව පැතුම් නිස්සංක ලකුණු 66ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් සහ සිය සිව්වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ජනිත් ලියනගේ ලකුණු 53ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළා.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි ලකුණු 55ක කඩුලු 04ක් සහ මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට කඩුලු 02ක් බිඳ දැමුවා.

ඒ, අනුව ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට නවසීලන්තයට පන්දු 300ක් තුළ ලකුණු 291ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?