ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන III කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අයදුම්පත් කැඳවයි

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් සඳහා වන III කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයට අදාළව දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙම වසරේ අගෝස්තු මස 21 වැනිදා පළ කෙරුණා.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගය සඳහා මෙම වසරේ අගෝස්තු මස 25 වැනිදා (2026-08-25) සිට මෙම වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා (2026-09-14) දක්වා අයදුම් කළ හැකි අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ යොමු කළ හැකිව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ පළාත් රාජ්‍ය සේවාවල ගුරු සේවයේ 2 පන්තියේ I ශ්‍රේණියට උසස් වී වසර හතරක් ගතවීමට පෙර III වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සම්පූර්ණ කළ යුතු බව සඳහන්.

එහිදී එම නිලධාරීන්ට අමතරව, 2-I ශ්‍රේණියට උසස්වීම් ලබා වසර 4 ක් ඉක්මවා ගිය ද, 2025 වසරේ ජුනි මස 30 දිනෙන් පසු I වන ශ්‍රේණි උසස්වීම් යෙදෙන ගුරුවරුන් ද I ශ්‍රේණියට උසස්වීම් ලැබීම සඳහා III වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතු වෙනවා.

මෙම කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ස්වයං අධ්‍යයන මොඩියුලයන්හි විෂය නිර්දේශය ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ e – thaksalawa නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.‍

ඒ අනුව මෙම විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ස්වයං අධ්‍යයන ක්‍රමවේදය නිර්දේශ කර තිබෙන අතර පහත දැක්වෙන සබැඳිය (Link) මගින් e – thaksalawa වෙබ් අඩවිය වෙත පිවිස, එහි III කාර්යක්ෂමතා කඩඉම් විභාගය යටතේ ඉදිරිපත් කර ඇති විෂය කරුණු අධ්‍යයනය කිරීම තුළින් විභාගයට පෙනී සිටීමට හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27