ශ්‍රී ලංකා – එක්සත් රාජධාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති තනතුර චන්දිමට

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චන්දිම වීරක්කොඩි පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ 09 වැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.

මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්.එම්.එම්. මුෂාරෆ් සහ ගරු අශෝක් අබේසිංහ යන අය මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ලේකම්වරයා ලෙසත්, හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා සහකාර ලේකම්වරයා ලෙසත් මෙහිදී පත් කරනු ලැබුවා.

භාණ්ඩාගාරික ලෙස සාගර කාරියවසම් මන්ත්‍රීවරයා පත් කෙරුණා.

මෙම අවස්ථාවේ අදහස් දක්වමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර දශක හතක කාලයක සිට පවතින ද්වීපාර්ශ්වික සබඳතා තුළින් මෙරටට ලබා දුන් සියලු සහයෝගයන් සඳහා ස්තුතිය පළ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !