විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා 2026 ඔක්තෝබර් 27 වන දින අන්කාරාහිදී තුර්කි ජනරජයේ කෘෂිකර්ම හා වන විද්යා නියෝජ්ය අමාත්ය ආචාර්ය අහමට් බාචි සමඟ ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වූවා.
කෘෂිකාර්මික සංවර්ධනය, නවීන ගොවිතැන් තාක්ෂණයන්, පර්යේෂණ සහ නවෝත්පාදන, දැනුම බෙදාගැනීම, ධාරිතා වර්ධනය සහ දෙරටේ කෘෂිකාර්මික ආයතන අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවස්ථා ඇතුළු අන්යෝන්ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්ර සාකච්ඡාවලදී ආවරණය වුණා.
කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිදියුණු කිරීම, ගොවීන්ට සහාය වීම, තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් ප්රවර්ධනය කිරීම සහ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා.
ද්විපාර්ශ්වික සහභාගීත්වය දෙරටේ කෘෂිකාර්මික අංශවලට ප්රතිලාභ ලබා දෙන ප්රායෝගික මුලපිරීම් බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කරනු ලැබුවා.
මෙම සංචාරයේදී, ශ්රී ලංකාව සහ තුර්කිය කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කළ අතර, දෙරට අතර සමීප සහයෝගීතාව සඳහා රාමුවක් ස්ථාපිත කළා.
නියෝජ්ය අමාත්ය හේමචන්ද්ර මහතා, ආචාර්ය බාචි මහතාට ඔහුගේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ ඵලදායී මැදිහත්වීම වෙනුවෙන් සහ ශ්රී ලංකාව සහ තුර්කිය අතර දිගුකාලීන මිත්ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඔහුගේ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාව පළ කරනු ලැබුවා.










