ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා 2022 සැප්තැම්බර් 21 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

මෙම නිළ හමුවේදී දෙරටේ ගුවන් හමුදාවන් අතර පවත්නා දිගු කාලීන සබදතාවය හා සහයෝගීත්වය සම්බන්ධයෙන් මෙන්ම ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබදව සුහද පිළිසදරක් පැවැත්විණි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ බොන්ඩරෙව් මහතා අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?