ශ්‍රී ලංකාවේ නඩු කිහිපයකට අවශ්‍යව සිටි අයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු තමිල්නාඩුවට පළාගොස් සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මණ්ඩපම් හි සරණාගත කඳවුරක සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් මෙම සැකකරුට විදේශ ගමන් බලපත්‍ර පනත යටතේ නඩු පවරා ඇතැයි සඳහන්.

මණ්ඩපම් සරණාගත කඳවුරට ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු පැමිණීම පිළිබඳ තොරතුරක් ලැබීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් කළ විමර්ශනයකදී යි සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි එස්. සින්තුජන් (22) නමැති තරුණයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ නඩු රැසකට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සැකකාර තරුණයා නඩු කිහිපයකට අවශ්‍යව වන අතර නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරීම සඳහා නීතිවිරෝධී ජාවාරම්කරුවන් හරහා ඉන්දියාවට පලා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුගිය 17 වන දින තමිල්නාඩුවට ළඟා වූ ඔහු පරමතිවේලූර් හි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සිටින කඳවුරට ඇතුළු වී ඇති බව සඳහන්.

මීට පෙර, ධනුෂ්කොඩි වෙත පැමිණි ඔහුගේ පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා සිටිනවා.

තම පියා මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටින බව දැනගත් සින්තුජන් තම පියා හමුවීමට බලාපොරොත්තුවෙන් එම කඳවුරට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

1946 විදේශිකයන් පනතේ 14(ඇ) වගන්තිය යටතේ මණ්ඩපම් නීතිය හා සාමය පොලිසිය සින්තුජන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?