ශ්‍රී ලංකාවේ නඩු කිහිපයකට අවශ්‍යව සිටි අයෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු තමිල්නාඩුවට පළාගොස් සිටියදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මණ්ඩපම් හි සරණාගත කඳවුරක සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් මෙම සැකකරුට විදේශ ගමන් බලපත්‍ර පනත යටතේ නඩු පවරා ඇතැයි සඳහන්.

මණ්ඩපම් සරණාගත කඳවුරට ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයකු පැමිණීම පිළිබඳ තොරතුරක් ලැබීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් කළ විමර්ශනයකදී යි සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි එස්. සින්තුජන් (22) නමැති තරුණයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ නඩු රැසකට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

සැකකාර තරුණයා නඩු කිහිපයකට අවශ්‍යව වන අතර නීතිමය ක්‍රියාමාර්ගවලින් බේරීම සඳහා නීතිවිරෝධී ජාවාරම්කරුවන් හරහා ඉන්දියාවට පලා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

පසුගිය 17 වන දින තමිල්නාඩුවට ළඟා වූ ඔහු පරමතිවේලූර් හි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සිටින කඳවුරට ඇතුළු වී ඇති බව සඳහන්.

මීට පෙර, ධනුෂ්කොඩි වෙත පැමිණි ඔහුගේ පියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු මණ්ඩපම් සරණාගත කඳවුරේ රඳවා සිටිනවා.

තම පියා මණ්ඩපම් සරණාගත කඳවුරේ සිටින බව දැනගත් සින්තුජන් තම පියා හමුවීමට බලාපොරොත්තුවෙන් එම කඳවුරට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

1946 විදේශිකයන් පනතේ 14(ඇ) වගන්තිය යටතේ මණ්ඩපම් නීතිය හා සාමය පොලිසිය සින්තුජන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48