Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියට ජපානය ලබා දෙන සහාය ජනපතිගේ ඇගයීමට

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡා අද (29) කොළඹදී පැවැත් වුණා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සඳහා ජපාන රජය ලබා දෙන සහාය පිළිබඳ මෙහිදී සිය කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ එම ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමඟ සිදුකළ සාකච්ඡාව පිළිබඳව ද කරුණු පැහැදිළි කළා.

එමෙන්ම ජපාන – ශ්‍රී ලංකා සහයෝගීතාව තවදුරටත් විදාහ දැක්වෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT), වරාය නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීම යන ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම ද මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් වුණා.

ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත් ආර්ථිකයක සිට අධි තාක්ෂණික ආර්ථිකයක් දක්වා පරිවර්තනය වීමේ අපේක්ෂාවෙන්පසුවෙන ශ්‍රී ලංකාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත ආශ්‍රිත ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී ජපාන විදේශ අමාත්‍යවරයා දැනුවත් කළ අතර, ඒ සඳහා ජපාන ආයෝජකයින් දිරිගැන්වීමට කටයුතු කරන බව ජපාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දියන් සාගර කලාපය සාමකාමී සහ ස්ථාවර කලාපයක් ලෙස පවත්වාගෙන යාම සඳහා එක්ව කැපවීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් කලාපීය සහ ගෝලීය ගැටළු රැසක් පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන විදේශ අමාත්‍යවරයා සාකච්ඡා සිදුකරනු ලැබුවා.

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතාගේ ජ්‍යෙෂ්ඨ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධීකාරක මුරකාමි මනබු , අග්නිදිග සහ නිරිතදිග ආසියානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අරිමා යුටකා, ජාත්‍යන්තර සහයෝගිතා අධ්‍යක්ෂ ජනරාල් එන්ඩෝ කසුයා සහ ජපාන විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ඔකානෝ යුකිකෝ යන අය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකෝෂි අමාත්‍යවරයාගේ විධායක සහකාර ටොමෝසබුරෝ එසාකි, නිරිතදිග ආසියානු කටයුතු අංශයේ අධ්‍යක්ෂ ටාරෝ ෂුට්සුමි යන මහත්වරුඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59
Video thumbnail
මාලිමා ආණ්ඩුවෙන් පත්වූ රූපවාහිනියේ ලොක්කො දෙන්නෙක් හූ කියා පන්නා දමයි
01:22
Video thumbnail
ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවේදී නම් ගම් එක්ක හෙළිකරපු දේ
05:57
Video thumbnail
Breaking News - කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට
01:36
Video thumbnail
මහ රෑ ගමට කඩාපැන්න සද්ධන්තයා කරන දේ කැමරාවක සටහන් වෙයි
06:57
Video thumbnail
අන්තර් විශ්වවිද්‍යාලයේ සිසුන් එකතුවෙලා ජාතික රෝහල ඉදිරිපිට කරපු දේ
05:52

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?