AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවෙන් ඇෆ්ගනිස්තානයට 295 ඉලක්කයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන පෙරහුරු තරගය අද (03) ඇෆ්ගනිස්තානය සමඟ මේ වනවිට පැවැත්වෙනවා

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව සියල්ලන් දැවී සිය පන්දුවාර 46.2 අවසානයේ ලකුණු 294ක් ලබා ගත්තා. පැතුම් නිස්සංක පන්දු 38කදී ලකුණු 30 ද,විශිෂ්ඨ ඉණිමක් ක්‍රිඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 87කදී හයේ පහර 9ක් සහ හතරේ පහර 19 එල්ල කරමින් ලකුණු 158ක් ලබා ගත්තා. ඔහු සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. සදීර 39යි.

මොහොමඩ් නබි කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව තරගයේ ජය සදහා ඇෆ්ගනිස්තානය ලකුණු 295ක් ලබා ගත යුතුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?