AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට පොරොන්දුවක්

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ඒ අයුරින්ම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පවසා තිබුණේ ඊයේ (04) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් (Julie J. Chung) මහත්මිය හමුවූ අවස්ථාවේදීය.

මෙරට අමෙරිකානු තානාපති ධුරයට පත්වීමෙන් පසු ජුලී ජේ. චන්ග් මහත්මිය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පැමිණි පළමු අවස්ථාව ද මෙය වෙයි.

ශ්‍රී ලංකාව සමග පවතින දේශපාලන සමාජයීය හා ආර්ථික සබඳතා තවදුරටත් තහවුරු කරමින් එම සබඳතා දියුණු කිරීමට තමන් උත්සාහ දරණ බව අමෙරිකානු තානාපතිනි ජුලී ජේ. චන්ග් මහත්මිය මෙහි දී අවධාරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උපකාර කරන බව පවසා ඇති ජුලී ජේ. චන්ග් මහත්මිය මෙරට බලශක්ති හා සංචාරක ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා සහාය වන බවට විශ්වාසය පළ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?