හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර දෙවන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව හෙට

සටන් විරාම ගිවිසුම යටතේ හමාස් සංවිධානය විසින් නිදහස් කිරීමට නියමිත මීළඟ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඒ, අනුව ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට භාර දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හෙට (25) දිනයේ දී නිදහස් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස නිදහස් කරනු ලබන ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනාම කාන්තාවන් වනු ඇති බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් තොරතුරු වාර්තා කළේ.

ඊශ්‍රායලයේ රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු වෙනුවෙන් මෙම ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනා නිදහස් කරනු ලබනවා.

පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු එය සිදුවන දෙවන දෙවන ප්‍රාණ ඇපකරුවන් හුවමාරුව මෙය වනවා.

ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර සිදු වූ පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු වෙනුවෙන් ඊශ්‍රාය රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කෙරුණා.

2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දීමෙන් පසු පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියා.

එලෙස රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් කිහිප දෙනෙක් හමාස් සංවිධානය විසින් අවස්ථා කිහිපයක දී ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා තොරතුරු වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18