“ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” කරූ ජයසූරියට

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් 2023 වර්ෂය සඳහා “ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” හිටපු කථානායක දේශබන්දු කරූ ජයසූරියට පිරීනැමීමට කැබිනට් ඇනුමැතිය හිමිව තිබෙනවා.

අමාත්‍යමණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) මේ බව සඳහන් කර සිටියා.

ඒ අනුව එම සම්මානය 2023 පෙබරවාරි 03 වනදා දේශබන්දු කරු ජයසූරිය වෙත පිරිනැමීමට කටයුතු කර ඇති බවයි එහිදී සඳහන් වුණේ.

“ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය” මෙරටදී පුද්ගලයෙකුට පිරිනෑමෙන ඉහළම සම්මානය වනවා.

දේශබන්ධු කරු ජයසූරිය විසින් සිදුකරන ලද සේවය ඇගයීම පිණිස ඔහුට මෙම සම්මානය පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?