වෙසක් පොහොය දා මත්පැන් වැඩි මිලට දුන් අයෙක් අත් අඩංගුවට

සුරා බදු රෙගුලාසි උල්ලංඝනය කරමින් වෙසක් පොහෝය යෙදී ඇති අද (12) දින පොල්ගහවෙල තානායම තුළ වැඩි මිලට මත්පැන් බෝතල් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසිය පවසනවා.

පොල්ගහවෙල තානායම තුළ වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට එම ප්‍රදේශයේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කළ බවයි වාර්තා වන්නේ.

එහිදී සංස්ථාවේ මත්පැන් (මිලිලීටර් 750) බෝතල් 11ක්, නමක් සඳහන් නොමැති පුරවන ලද (මිලි ලීටර් 180) කුඩා බෝතල් 16ක් හා බියර් ටින් 25ක් සමග දැනට තානායම පවත්වාගෙන යන පොල්ගහවෙල වැලිකඩහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53ක් පමණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට වාර්තා වනවා.

මෙම මත්පැන්වල වටිනාකම රුපියල් 70000කට අධිකයි.

සැකකරු සහ මත්පැන් තොගය පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?