AFC Banner
Empty Ad
Empty Ad

වෙදආරච්චිගේ පුතා පැදවූ කැබි රථය වල්ගමින් මතුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා පැද වූ බව කැබි රථය මාතර, වල්ගම ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එය අද (03) පස්වරුවේදි පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රවිඳු වෙදආරච්චි විසින් පසුගිය පළමු වනදා අනාරක්ෂිත ලෙස ශිතකරණයක් කැබ් රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරී දෙදෙනෙක් එය වළක්වා තිබුණා.

එම අවස්ථාවේදී රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

ඊට අදාල වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ ද සරු සැරූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

එහිදී මේ වනවිටත් සැඟව සිටින සැකකාර රවිඳු වෙදආරච්චි, ඔහුගේ බිරිඳ සහ ඔවුන් අදාල සිද්ධිය සිදුවන අවස්ථවේ පැමිණි කැබ් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පැතුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?