වෙදආරච්චිගේ පුතා පැදවූ කැබි රථය වල්ගමින් මතුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා පැද වූ බව කැබි රථය මාතර, වල්ගම ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.

මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එය අද (03) පස්වරුවේදි පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

රවිඳු වෙදආරච්චි විසින් පසුගිය පළමු වනදා අනාරක්ෂිත ලෙස ශිතකරණයක් කැබ් රථයක පටවාගෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී පොලිස් නිලධාරී දෙදෙනෙක් එය වළක්වා තිබුණා.

එම අවස්ථාවේදී රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

ඊට අදාල වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය තුළ ද සරු සැරූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.

එහිදී මේ වනවිටත් සැඟව සිටින සැකකාර රවිඳු වෙදආරච්චි, ඔහුගේ බිරිඳ සහ ඔවුන් අදාල සිද්ධිය සිදුවන අවස්ථවේ පැමිණි කැබ් රථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පැතුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14