විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී යි මෙම කරුණු අනාවරණය කෙරුණේ.

මත්ද්‍රව්‍ය නිවාරණයට සම්බන්ධ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා විශේෂ වැඩසටහනක් මෙම කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක කිරිමට නියමිත අතර එම කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

පාසල් දරුවන් අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීමේ ගැටළුව සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වු අතර එය වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට ලක්ය වුණා.

මත්ද්‍රව්‍ය නිවාරණය, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් වෙන් කර හඳුනා ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා ලබාදීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී දැනට සිරගතව සිටින රැඳවියන් සහ ඔවුන් පිළිබඳ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග හා බන්ධනාගාර තුළ ඔවුන් වෙනුවෙන් සිදු කළ යුතු ප්‍රතිකාර විධිමත්ව ලබාදීම යන කරුණු කෙරෙහි ද අවධානය යොමු කෙරුණා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඉන් මුදා ගැනීම වෙනුවෙන් පවත්වාගෙන යන ස්වේච්ඡා මධ්‍යස්ථාන, ප්‍රජා මූලික පුනරුත්ථාපනය, පරිවාස සේවා සවිබල ගැන්වීම පිළිබඳව මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ පනත සම්මත කර ගැනීම පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08