වියළි කාලගුණයෙන් 280,000කට පීඩා

දිවයින පුරා පවතින වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයන් 280,000කට අධික පිරිස් දැඩි බලපෑමට ලක්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

වියළි කාලගුණය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කෙරෙමින් පවතින අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 74කට අයත් පවුල් 81158ක පිරිසක් මේ හේතුවෙන් පීඩාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

වැව් රැසකම ජලය සිඳීයමින් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලකම පාහේ ජලය සිඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍රයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දහසය දහසක් වුවද මේ වන විට එය අක්කර අඩි 70000කටත් අඩු මට්ටමකයි පවතින්නේ. ඒ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ඇති සීත මාළිගයේ නටඹුන් ද මතුව තිබෙනවා.

අධික උෂ්ණත්වය හමුවේ ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය යන වැව්වලින් අධික ලෙස ජලය වාෂ්පිකරණය වනවා.

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ වවුනියාව ප්‍රදේශයෙන්. එය සෙල්සියස් අංශක 37.6ක්.

වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා වැව් සියල්ලම පාහේ සීදිගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන වැව්වල ජලය ද පහළ මට්ටමකයි පවතින්නේ. ප්‍රදේශයේ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජන ජිවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එමෙන්ම අද දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ යන බැවින් එය මිනිස් සිරුරට දැනෙන ඉහළ අගයක් ගන්නා බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00