spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වියළි කාලගුණයෙන් 280,000කට පීඩා

දිවයින පුරා පවතින වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයන් 280,000කට අධික පිරිස් දැඩි බලපෑමට ලක්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

වියළි කාලගුණය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කෙරෙමින් පවතින අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 74කට අයත් පවුල් 81158ක පිරිසක් මේ හේතුවෙන් පීඩාවට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

වැව් රැසකම ජලය සිඳීයමින් පවතින අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ලකම පාහේ ජලය සිඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍රයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්ෂ දහසය දහසක් වුවද මේ වන විට එය අක්කර අඩි 70000කටත් අඩු මට්ටමකයි පවතින්නේ. ඒ හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ ඇති සීත මාළිගයේ නටඹුන් ද මතුව තිබෙනවා.

අධික උෂ්ණත්වය හමුවේ ගිරිතලේ, කවුඩුල්ල, මින්නේරිය යන වැව්වලින් අධික ලෙස ජලය වාෂ්පිකරණය වනවා.

ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ වවුනියාව ප්‍රදේශයෙන්. එය සෙල්සියස් අංශක 37.6ක්.

වියළි කාලගුණය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද කුඩා වැව් සියල්ලම පාහේ සීදිගොස් තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන වැව්වල ජලය ද පහළ මට්ටමකයි පවතින්නේ. ප්‍රදේශයේ පවතින දැඩි උෂ්ණත්වය හේතුවෙන් ජන ජිවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ අතර අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

එමෙන්ම අද දිනයේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ යන බැවින් එය මිනිස් සිරුරට දැනෙන ඉහළ අගයක් ගන්නා බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?