හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදුකළ නියෝගයකට අනුවයි.
පසුගිය 12 වනදා අනුරාධපුරයේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදු වී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනය කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පතිවයාට නියෝග කර තිබුණා.
ඒ, අනුවයි අදාළ විමර්ශනය සිදු කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත උපදෙස් ලබා දී ඇත්තේ.
ඉදිරි දිනක දී හිටපු අමාත්‍ය විමල් වීරවංශ එම කාර්යාංශය වෙත කැදවා ප්‍රකාශ සටහන් කරගැනීමට නියිමතයි.













