UPDATE: විමල් වීරවංශ ප්‍රකාශ ලබා දී CID යෙන් පිටව යයි (වීඩියෝ)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.

අද (09) පෙරවරුවේ ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලද බහාලුම් 323 පිළිබඳ ව මාධ්‍ය සාකච්ඡාවක දී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා දීමටයි.

අද උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් පසු පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා CID යෙන් පිටව ගියා.

විමල් වීරවංශ මහතා මෙම ප්‍රකාශය ලබාදීමට පැමිණියේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර එක්ස්පෝ ලංකා ආයතන හිමිකරු මෙම මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව CID වෙත සිදුකළ පැමිල්ලකට අදාළ ව බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?