Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව තෙවැනි දිනයටත්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද තුන්වන දිනටත් අභියාචනාධිකරණය හමුවේ ආරම්භ වුණා.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ තුන් වන දිනටත් කැදවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කිරීම් අවසන් කෙරුණා.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර විසින් කරුණු දැක්වීම ආරම්භ කර තිබෙනවා.

නඩුව සම්බන්ධයෙන් වැඩිදුර විභාගය පැවැත්වෙනවා.