2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ, අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 06 වනදා සිට මැයි 15 දක්වා පැවැත්වෙනවා.
එමෙන්ම 2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.
2024 වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 සිට දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වෙනවා.
2024 වර්ෂයට අයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම්දෙන බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
2
+1
2
+1
+1
+1













