විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං අතර සුවිශේෂ හමුවක් අද කොළඹ දී සිදුවුණා.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන හා බහුවිධ සබඳතා ව මෙන් ම දෙරටේ ම අන්‍යෝන්‍ය යහපත උදෙසා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවධානය යොමුවුණා.

දෙරට අතර පවතින ඓතිහාසික, සංස්කෘතික හා ජනතාව අතර පවතින සබඳතා පිළිබඳ ව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප, ධනාත්මක සහ නිරන්තර සබඳතාවක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙහි දී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා හමුවේ අවධාරණය කළා.

එමෙන්ම, ඉන්දියානු සාගර කලාපයේ පවතින සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සමෘද්ධිය සඳහා වන සහයෝගීතාව ඇතුළුව, කලාපීය වර්ධනයන් සහ දෙරටටම පොදු වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව ද නායකයන් දෙපළ අතර අදහස් රැසක් හුවමාරු වුණා.

අන්‍යෝන්‍ය ගෞරවය, සෛරීත්වය, සමානාත්මතාව, විශ්වාසය සහ අවබෝධය මත පදනම්ව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් හා අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතාවක් පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත වරක් අවධාරණය කළා.

එසේම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනතාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සියලු මට්ටමින් අඛණ්ඩ ව සබඳතා පවත්වා ගෙන යාමේ වැදගත්කම මෙම හමුවේ දී නැවතත් අවධාරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57