විනිසුරුවරුන්ගේ වැටුපෙන් PAYE Tax අයකර කිරීම ගැන අධිකරණය දුන් නියෝගය

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද (PAYE Tax) අය වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන සිකුරාදා (24) දක්වා තව දුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (21) නියෝග කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් දෙකක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා.

ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් අදාළ බදු අය කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී එම සංගම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සමට අදාළව කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට අමතරව අදාළ බදු අය කිරීම වළක්වාලමින් දැනටමත් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන ලෙසත් ඔහු අයැද සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම්කාර විනිසුරු සංගම් කියා සිටින්නේ තමන් විධායකය නියෝජනය නොකරන ස්වාධීන පිරිසක් බැවින් තමන්ගෙන් බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නෛතික බලයක් නොමැති බවයි.

එබැවින් තමන්ගෙන් අදාළ බද්ද අය කිරීමට අධිකරණ අමාත්‍යංශය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40