විනයක්, අරමුණක් නොමැති අන්දමන්ද වූ සටන් රටට අහිතකර බවත්, ඒ හරහා රට අරාජිකත්වයය පත්කරන බවත්, ජනාධිපති අනුර කුමාර දිසනයකා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (13) පැවති ජනතා විමුක්ති පෙරමුණේ 37 වැනි ඉල්මහ විරු සැමරුවට එක්වෙමින්.
සිය අපේක්ෂාව පාලකයා ප්රශ්න කරන, විවේචනය කරන ජනතාවක් ගොඩනැඟීම බවත්, එලෙස විචේචනය කිරීමේදී ශිෂ්ඨභාවයේ රාමුව තුළ සිටිය යුතු බවත්, එලෙස ශිෂ්ඨ නොවන විවේචනයන් ජනතාව විසින්ම ප්රතික්ෂේප කරන බවත්, ජනාධිපතිවරයා සඳහන් කළා.
”විනයක් නැති, සංවිධානත්මක නැති, ඉලක්කයක්, අරමුණක් නැති අන්දමන්ද වුණ සටන් රටට අහිතකරයි. ඒකෙන් අරාජිකත්වයක් හදනවා.දැන් මේ දවස්වල තැන තැන පැන නැගෙන සටන් ගත්තම මොකද හිතෙන්නේ ? හෙට මොන පිස්සුවක් නටයිද දන්නේ නැහැ.එක වෙලාවක කියනවා මාරාන්තික උපවාසයක් කරනවලු. තව වෙලාවක පොල්ලක් අරගෙන කරකවනවා” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
