Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විමල් ඇතුළු පිරිසට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව විභාගයට ගැනීම සම්බන්ධ තීන්දුව ජනවාරි 12 වැනිදා

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලිත් ජයවීර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, මහින්ද පතිරණ , සුගීෂ්වර බණ්ඩාර යන අයට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද? යන්න පිළිබඳ තීන්දුව ලබන වර්ෂයේ ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳීගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැමිණිල්ල නඩුව විභාගයට ගැනුණා.

කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් මේ සම්බන්ධ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කළ ප‍්‍රකාශ සහ පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශ මගින් අධිකරණයට අපහාස වන අයුරින් කටයුතු කළ බවට රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත‍්‍රාත්වරයා වෙත කර තිබු පැමිණිල්ලකට අනුව අධිකරණයට අපහාසයක් වී ඇති බව තීරණය කළ කොටුව මහේස්ත‍්‍රාත් පසන් අමරසේන මහතා ඔවුන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

ඒ අතර, ඔවුන්ට එරෙහි පැමිණිල්ලේ බැලූ බැල්මට නඩු නිමිත්තක් තිබේද? යන්න පිළිබඳ තීන්දුව ලබන වර්ෂයේ ජනවාරි 12 වැනිදා ප‍්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද දැනුම් දුන්නා.

නඩුවට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් 15 වැනිදා ගොනු කරන ලෙස පාර්ශවකරුවන්ට නියෝග කළා.