විදුලි රැහැනක පැටලී කාන්තාවක් ජීවිතක්ෂයට

පන්විල, පල්ලේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් ඊයේ (26) පස්වරුවේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ 52 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අදාළ කාන්තාවගේ පුතා ඔවුන් පදිංචිව සිටින ඉඩමේ කෙසෙල් සහ මඤ්ඤොක්‌කා වගාවක් සිදුකරගෙන ගොස් ඇති අතර, එම වගාවන් රිලවුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු විසින් ඊට අනවසර විදුලි රැහැනක් ඇද ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී අදාළ කාන්තාව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනාවරණය වුණේ.

මෘත දේහය මේ වනවිට මැණික්හින්න රෝහලේ තැන්පත්කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පන්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
5
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?