AFC Banner
AFC Banner
Empty Ad

විදුලි බිල වැඩි කරන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට

විදුලි බිල යළිත් වැඩි කිරීම සම්බන්ධ යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් ජනවාරි මස දෙවනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ තම කොමිසම කිසිවිටකත් මෙම විදුලි ගාස්තු වැඩි කිරීමට එකග නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන ලෙසට ද ජනක රත්නායක ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද පෙරවරුවේ ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඔහු මෙම හමුව සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට පැමිණ ඇත්තේ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ආරාධනයකට අනුවයි.

මෙහිදී විදුලි බිල යළිත් වැඩි කිරීමට රජය සහ විෂය භාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

විදුලිය සම්බන්ධ වංචා දූෂණ සිදුකර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අය කරගෙන පාඩු පියවා ගත යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විදුලි බිල වැඩි කරන ජනතාවගෙන් මුදල් අය කර ගැනීමට තීරණය කරන අමාත්‍යවරුන් මෙවැනි අවස්ථාවක සිදු කර ඇති කැපකිරීම් මොනවා ද යන්න සම්බන්ධයෙන් ද උන්වහන්සේ ජනක රත්නායක හමුවේ ප්‍රශ්න කළා.

විහාරස්ථානවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට විදුලි බිල වැඩි කිරීමෙන් දැඩි අසධාරණයක් සිදුවන අතර එය සිදු නොකරන ලෙසටයි ඇල්ලේ ගුණවංශ හිමි කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?