විදුලි බිල වැඩි කරන යෝජනාව සඳුදා කැබිනට් මණ්ඩලයට

විදුලි බිල යළිත් වැඩි කිරීම සම්බන්ධ යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් ජනවාරි මස දෙවනදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ තම කොමිසම කිසිවිටකත් මෙම විදුලි ගාස්තු වැඩි කිරීමට එකග නොවන බවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමුවන ලෙසට ද ජනක රත්නායක ජනතාවගෙන් ඉල්ලීමක් කළා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද පෙරවරුවේ ඇල්ලේ ගුණවංශ හිමියන් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඔහු මෙම හමුව සඳහා බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට පැමිණ ඇත්තේ ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ ආරාධනයකට අනුවයි.

මෙහිදී විදුලි බිල යළිත් වැඩි කිරීමට රජය සහ විෂය භාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

විදුලිය සම්බන්ධ වංචා දූෂණ සිදුකර ඇති පුද්ගලයන්ගෙන් මුදල් අය කරගෙන පාඩු පියවා ගත යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ.

මෙවැනි අර්බුදකාරී අවස්ථාවක විදුලි බිල වැඩි කරන ජනතාවගෙන් මුදල් අය කර ගැනීමට තීරණය කරන අමාත්‍යවරුන් මෙවැනි අවස්ථාවක සිදු කර ඇති කැපකිරීම් මොනවා ද යන්න සම්බන්ධයෙන් ද උන්වහන්සේ ජනක රත්නායක හමුවේ ප්‍රශ්න කළා.

විහාරස්ථානවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට විදුලි බිල වැඩි කිරීමෙන් දැඩි අසධාරණයක් සිදුවන අතර එය සිදු නොකරන ලෙසටයි ඇල්ලේ ගුණවංශ හිමි කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48