වැඩි මිලට විකුණන හාල් සොයා පාරිභෝගික සේවා නිලධාරීන් පිටකොටුව වටලයි (වීඩියෝ)

වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිටකොටුව ප්‍රදේශයේ අද (08) මෙහෙයුමක් දියත් කළා.

මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ උපාය දුතන් ලෙස යොදවා පරීක්ෂා කිරීමක් සිදුකර තිබෙනවා.

එහිදී පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳසැලකට එරෙහිව කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම කටයුතු කළා.

ඊට අමතරව සහල් ඇසුරුමේ මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් තවත් වෙළඳසැලකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කළේ.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සඳහන් කළේ සහල් වැඩිමිලට විකිණීම සම්බන්ධ වැටලීම් 2000 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට සිදුකර ඇති බවයි.

එමෙන්ම රාත්‍රී කාලයේ දී සහ සති අන්ත දිනයන්වල දී ද මෙම වැටලීම් සිදුකරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරනගේ වරදකරුවකු වූ අයෙකුට (තනි පුද්ග්ගල ව්‍යාපාරයකට) රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වා, සමාගමක් නම් රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමට හැකි බවයි සභාපතිවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57